UNP අර්බුදය දැන් අවුරුදු 20කට වඩා පැරණියි; අනුර කුමාර දිසානායක

මාර් 06, 2020

    ජනතා ගැටලු මූලිකව දේශපාලනය කිරීම වෙනුවට, එක්සත් ජාතික පක්‍ෂය සිය අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, වසර 20ක් තිස්සේ රනිල් වික්‍රමසිංහ එළවා දැමීම හැර වෙනත් අරමුණක් එම පක්‍ෂයට නොතිබූ බවයි.
    එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා....

    “මෙම මැතිවරණයේදී අපේ අරමුණු සහ ඉලක්ක කිහිපයක් තියෙනවා. පෙර පැවති පාලනයත්, වර්තමාන පාලනයත් ඔප්පු කොට තියෙනවා අපේ රට ආර්ථිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ඉදිරියට ගෙන යන්න මෙම පාලකයන් අසමත් වෙලා තියෙනවා. ජනතාවට පැරණි යල්පිනූ අසාර්ථක ක්‍රමය වෙනස් කොට නව සමාජයක උවමනාව පුළුල් ලෙස මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී ජනතාවත් එක්ක කරන්න සූදානම්. එක්සත් ජාතික පක්‍ෂය ඇතුලේ මේ අර්බුදය දැන් අවුරුදු 20කට වඩා පැරණියි. ගාමිණි අතුකෝරල තමයි 2001 වසරේ දී දියත් කළා රනිල් එළවා දැමීමේ උත්සාහය. අවුරුදු 20කට පස්සේ පක්ෂය ඇතුලේ උත්සාහ කරමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එළවා දැමීම. ඒ නිසා ගත වෙච්ච දශක දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්‍ෂය කිසිසේත්ම ඔවුන්ගේ පක්ෂයේ ඉන්නකොට හෝ ඔවුන් ආණ්ඩුවේ ඉන්න කොට හෝ ජනතාවගේ ගැටලු මුලික කොට දේශපාලනය කරනවා වෙනුවට ඔවුන් හැමදාමත් කරමින් ඉන්නේ තමන්ගේ ඇතුලේ අර්බුද විසඳා ගන්න“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Latest News