සජිත් ප්‍රේමදාස මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කිරීමේ කුමන්ත්‍රණයක චම්පික රණවක නිරතව සිටී; කනක හේරත්

මාර් 06, 2020

    සජිත් ප්‍රේමදාස මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක චම්පික රණවක මහතා නිරතව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කනක හේරත් මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ කනක හේරත් මහතා....

    “පසුගිය ආණ්ඩුව විනාශ කළා පමණක් නොවෙයි, සජිත් පිලට ඇවිල්ලා එක්සත් ජාතික පක්‍ෂය විනාශ කරනවා පමණක් නෙමෙයි 2025 වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට අල්ලන්න බැරිවෙනවා. එතුමාවත් හළලා සජිත් ප්‍රේමදාසත් නැති කණ්ඩායමක් හැටියට නියත වශයෙන්ම මේ චම්පික රණවක කටයුතු කරනවා කියන එක අපි කියනවා. එක්සත් ජාතික පක්ෂ යේ අය හොයලා බලලා කටයුතු කරන්න. අවසානයේ යු.එන්.පී. එකත් නැති වෙනවා, අලියත් නැති වෙනවා. අවසානයේ ප්‍රේමදාස මහත්තයටත් තියෙන තැනත් නැතිවෙලා 2025 අපේක්ෂක කමත් නැතුව අවසානයේ නැවතත් විපක්ෂයේ නෙමෙයි මන්ත්‍රීවරයෙක් බවට පත්වෙනවා“ යැයි කනක හේරත් මහතා පැවසීය.

    ගාමිණි ලොකුගේ මහතා...

    Lokugee px 900 06 03 20

    “පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා ආණ්ඩුව ආරම්භ කරලා පොලිසියට කරලා තියෙන දේ. අධිකරණයට කරලා තියෙන දේ. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය මතුවෙනවා කරුණු එකින් එක. මේ වගකීම සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය බාරගන්න ඕනේ. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රබල සන්ධානය බාරගන්න ඕනේ. මෙහෙම තත්වයක් මේ රටට ඇතිකරලා ඒගොල්ලෝ ගහගන්නවා. එහෙම කරපු අය එකතු කරගෙන තමයි සජිත් ප්‍රේමදාස දැන් ඊළඟ මැතිවරණයට යන්නේ. මේ මැතිවරණයට ඉදිරිපත් වුණාම මහජනයා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සන්ධානයටයි, සමගි සන්ධානයටයි, එක්සත් ජාතික පක්ෂයටයි හරි පිළිතුරු දෙයි“ යැයි ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

    Latest News