මේ වසරේ කැලෑ ගිනි තැබීම් 129 ක්

මාර් 04, 2020

    කැලෑ ගිනි තැබීම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එවැනි ගිනි තැබීම් 129 ක් වාර්තා වී ඇති බවයි.

    ගිනි තැබීම් හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

    වනාන්තර ගිනි තබන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

     

    Latest News