තමාගේ ඡන්ද පොළේ දී ඡන්දය දීමට නොහැකි නම්, වෙනත් ඡන්ද පොළක්

මාර් 04, 2020

    එළැඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා තේරීම් බාර නිලධාරීන් ලෙස එම පරිපාලන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව වෙත මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පත් කිරීම සිදු කෙරිණ.

    යම් ඡන්ද හිමියෙකුට තමාගේ ඡන්ද පොළට පිහිටි ප්‍රදේශයේ දී ඡන්දය දීමට නොහැකි වෙතැයි, සාධාරණ බියක් ඇතිවුවහොත් වෙනත් ඡන්ද පොළක දී ඡන්දය දීම සඳහා පහසුකම් සපයා තිබේ. මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ, මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් තේරීම් භාර කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවයි. ලබන 9 වැනිදා දක්වා අදාළ ඉල්ලුම්පත් මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත එවිය හැකි බව, අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

    මේ අතර, එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගත යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව හා නාමයෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂක සංඛ්‍යාව මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනූව, මෙවර අවම මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනෙනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහායි. එම සංඛ්‍යාව 4ක්. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වෙනුවෙන් පිළිවෙළින් මන්ත්‍රීවරුන් 19ක්,18 හා 10ක් තෝරා පත්කර ගැනීමට අපේක්ෂිතයි.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 11:04

    Latest News