විනිසුරුවරු 5ක් ඉල්ලූ මෝසම ඉවතට

දෙසැ 14, 2018

    මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ඉදිරිපත් කැරුණු මෝසම ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට තීරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මෝසම ඉදිරිපත් කළේය. ඒ අනූව, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලෙනු ඇති.
    කරුණු විභාගය අවසන් වීමෙන් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ අදාළ මෝසම ප්‍රතික්ෂේප කොට අභියාචනා පෙත්සම් සියල්ල  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තවදුරටත් සලකා බැලීමටයි.
    ඒ අනුව පෙත්සම සලකා බැලීම ආරම්භ වී ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 12:49

    Latest News