ජොන්ස්ටන් නඩුව 3/22ට කල්යයි

දෙසැ 14, 2018

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු 22 වැනිදා යළි කැදවීමට තීරණය කෙරේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අධිකරණ කටයුතු සඳහා සහභාගී නොවීම හේතුවෙන් නඩුව එදිනට කල් දැමිණ.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා 2010 - 2014 කාලය තුළ දී සතොස සේවයින් එකසිය පනස් දෙදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුකළායැයි, චෝදනා එල්ල වී තිබේ.

    ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතාට අමතරව තවත් තිදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

    Latest News