පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ..මහ මැතිවරණය අප්‍රේල් 25

මාර් 03, 2020

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

      ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුවයි.  19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනූව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පවත්වා වසර හතරහමාරකට පසු විසුරුවා හැරීමේ බලය හිමි වෙයි.  නාම යෝජනා බාර ගැනීම මාර්තු 12 වැනි දා සිට 19 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතයි. 

    ආණ්ඩුව විසුරුවා හැර දින 52කින් හා 66ක් ඇතුළත මහමැතිවරණය පැවැත්විය යුතුයි.  අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඒ අනූවයි.  ඊට අමතරව මැයි මස 14 වැනිදා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කෙරෙනු ඇති.  පාර්ලිමේන්තුව විසුරුවීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලයේ බලතල ඒ අයුරින්ම පවතින අතර යළි අග්‍රාමාත්‍යවරයෙක් පත්වන තෙක් ඔවුන්ට ධුරයේ රාජකාරී පැවරෙයි.  රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ බලය පාර්ලිමේන්තුව විසුරවීමත් සමග අහෝසි වෙයි. 

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 08:02

    Latest News