“සිපිරි රූ“ උදේ 9.00-සවස 5.00 දක්වා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී

මාර් 02, 2020

    තමන් කළ වැරදිවලට දඬුවම් ලැබෙන්නේ, නීතියට අනුවයි.

    සිරගතවීම සිදුවන්නේත් නීතියට අනුවයි. සිරගත වන හැමෝම ගතින් සිරගතවුවත් ඔවුන්ගේ සිතුවිලි සිරගත කරන්න අමාරුයි. එලෙස සිරගත නොවූ සිතුවිලිවලට නිර්මාණශිලී ඉඩක් වෙන් වූ අවස්ථාවක් මේ...

    සිතුවමක් කියන්නේ තවක් කෙනෙකුගේ සිතුවිලි ප්‍රදර්ශනය කෙරෙන මාධ්‍යයක්. “සිපිරි රූ“ චිත්‍ර ප්‍රදර්ශනවයත් එවැන්නක්. “ අප සිරගත වුවද, අපගේ සැඟවුණු කුසලතා නිදහස්ව ඔබට යමක් පවසනු ඇත“ යන්න මෙම සිතුවම් දැක්මේ තේමාවයි. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සේදර සෙනරත් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා ප්‍රදර්ශනය ජනතාවට විවෘතයි. එය ලබන 04 වැනිදා අවසන් වනවා. “සිපිරි රූ“ විවෘත කිරීමේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්. තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News