ඩෙංගු මර්දනයට “වොල්බැකියා“ බැක්ටීරියාව හඳුන්වා දෙයි

මාර් 02, 2020

    ඩෙංගු මර්දනය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ගෙන ආ “වොල්බැකියා“ බැක්ටීරියාව හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා.

    උත්සවය පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවේදී. වෛරස් රෝගවලින් ආරක්‍ෂාවීමට “වොල්බැකියා“ බැක්ටීරියාව යොදා ගැනීම ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිදු කළ පර්යේෂණයක්. එය සාර්ථක බවයි පර්යේෂකයන් පවසන්නේ. එම බැක්ටීරියාව යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ, නුගේගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවලටයි. සංකේතාත්මකව “වොල්බැකියා“ බැක්ටීරියාව සහිත මදුරු බඳුන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා වෙත පිරිනැමුණා.

    මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා....

    “වොල්බැකියා“ බැක්ටීරියාව අපේ මදුරුවන් තුළ නොමැති බැවින්, බිත්තර තියෙන භාජන තියෙනවා ඒ භාජන තුළින් මදුරුවන් අවකාශයට පියාඹනවා. අපේ මදුරුවන් සමඟ එක්වීමෙන් ඔවුනට ලැබෙනවා මේ “වොල්බැකියා“ බැක්ටීරියාව ශරීර තුළට. එතකොට ඒ “වොල්බැකියා“ බැක්ටීරියාව තරග කරනවා වෛරස් සමඟ ප්‍රෝටීන සඳහා. ඒ තරගයෙන් සාමාන්‍යයෙන් ජයගන්නේ “වොල්බැකියා“ බැක්ටීරියාව.“ යැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.

    Latest News