COVID – 19 වෛරසයෙන් ආරක්ෂාවීමට කැමති අයට

මාර් 02, 2020

    මේ දිනවල සමාජයේ විශේෂ අවධානයට ලක්ව ඇති COVID – 19 වෛරසය අසාදනය වීම වළක්වා ගැනීමට ජනතාව සෞඛ්‍යමත් පුරුදු වලට අනුගතවීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අධ්‍යක්‍ෂ පාලිත කරුණාපේම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    දැනට අප රටේ නව රෝගීන් වාර්තා වී නොමැති වුව ද මේ වනවිට ලෝකයේ අනිකුත් රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

    එනිසා මෙරට සෞඛ්‍ය අංශ විවිධ පෙර සූදානම් කටයුතු වල මේ දිනවල නිරත වෙමින් සිටී.

    කෙසේ වුව ද, පවතින තත්ත්වය හමුවේ ජනතාවට රෝගය බෝවීම වළක්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සෞඛ්‍ය පණිවිඩ නිකුත් කර ඇත.

    ඒ අනුව, COVID – 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මෙරට ජනතාව විසින් සෑම විටම පහත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය ප්‍රර්ධන කාර්යාංශය එම නිවේදනය මඟින් දැනුම් දී සිටී.

     නිතර සබන් යොදා දෑත් හොඳින් සෝදන්න,
     පොදු ස්ථාන වල ගැවසීමේ දී මුහුණ, කට, නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින්න,
     කැස්සක දී හෝ කිවිසුම් යාමක දී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ වැළමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ මුඛ්‍ය හා නාසය ආවරණය කර ගන්න.


    එමෙන්ම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් ඉවත්වී සිට වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, පසුගිය දින 14 තුළ සිදුකළ විදෙස් සංචාර ඇත්නම් ඒ බව වෛද්‍යවරයාට දැනුම් දෙන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News