අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක්‌ - අගමැති

පෙබ 29, 2020

    අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක්‌ සකසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‍ඓතිහාසික වගේගොඩ රන්කොත්මලු පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවයට අද එක්වෙමිනි.

    උත්සවය පැවැත්වුණේ, සිත්තගම්ලෙන රජමහා විහාරයේ විහාරාධිපති අනුනායක අගරගොඩ පියසිරි හිමි ඇතුළු විහාරාධිපති හිමිවරුන් රැසක් සහභාගීත්වයෙනි.‌ වගේගොඩ රන්කොන්මලු රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත අවුකන බුද්ධ ප්‍රතිමාව සඳහා මුල්ගල් තැබීම ද නාමල්‌ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

    මේ අතර අඟුනකොලපැලැස්ස කුලසිංහගම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් විය. මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයන් ඇතුළු පිරසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News