යල කන්නයේ වන්දි මුදල් මාර්තු 02 සිට ගොවීන්ගේ ගිණුමට

පෙබ 28, 2020

    2019 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් මාර්තු 02 වැනි දින සිට අදාළ බැංකු මගින් ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසන්නේ, වන්දි හිමි සියලු ගොවීන්ට තම වන්දි මුදල් මාර්තු 03 වැනි දින සිට අදාළ බැංකු ශාකාවෙන් ලබාගත හැකි බවයි. වන්දි මුදල් ලබාගැනීම සඳහා විධිමත් පරිදි ඉල්ලුම් කර තිබියදීත් වන්දි මාර්තු 06 වැනිදා වනවිටත් ලැබී නොමැති ගොවීන් සිටී නම් ඒ පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

    එම අභියාචනය ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත බාරදිය හැකිය. 2019 යල කන්නයෙන් වගා හානි සිදු වූ ගොවීන් පනස් දෙදහසකට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන 1300ක් වෙන් කර තිබේ.

    Latest News