පේදුරුතුඩුවෙන් කිලෝ 21ක කේරළ ගංජා

පෙබ 27, 2020

    පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කේරල ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. වැටලීම සිදුකළේ නාවික හමුදාව සහ සංකානේ සුරාබදු ඒකකය එක්වයි.

    තම්බාලෙයි ප්‍රදේශයේ කැළයක් තුල සඟවා තිබූ කේරල ගංජා තොගයක් මෙසේ සොයාගෙන ඇති අතර මෙහිදී සැක කටයුතු පුද්ගලයෙකු සහ යතුරුපැදියක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරු පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති තිබේ. කේරළ ගංජා තොගය, සැකකරු සහ යතුරු පැදිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන කටයුතු සංකානේ සුරාබදු ඒකකය විසින් සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 07:19

    Latest News