කුඩා දරුවෙකු ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම

පෙබ 20, 2020

    තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකුට මොනරාගල පළාත් බද මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කර තිබේ.

    මෙම සැකකරු විසින් 1993 වර්ෂයේ දී මෙම ඝාතනය සිදු කර තිබේ. සැකකරු, ඝාතනයට ලක්වූ දරුවාගේ නිවසට ගොස් දරුවාගේ මවට පහරදී ඇති අතර සිය මව බේරාගැනීමට මැදිහත් වූ දරුවාට සැකකරු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් මීට ඉහතදී ද සැකකරුට මොනරාගල පලාත්බද මහ අධිකරණය මඟින් මරණ දඬුවම නියම කර තිබේ. නමුත් ඔහු යොමුකළ අභියාචනාධිකරණ ඇපෑලක් මඟින් මෙම නඩුව යළි විභාග කරන ලෙස අභියාචනාධිකරණය මඟින් නියෝගයක් ලබාදී ඇත.

    ඒ අනුව මෙම නඩුව යළි විභාගය ආරම්භ කර ඇති අතර නඩුව 2020.02.10 සිට 2020.02.19 දක්වා අඛණ්ඩව දින නවයක් විභාගයට ගෙන ඊයේ සැකකරුට මරණ දඬුවම නියම කර තිබේ.

    සැකකරු තණමල්විල පදිංචිකරුවෙක්. නඩු තීන්දුව මොනරාගල මහඅධිකරණ විනිසුරු අනූෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබාදුන් අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ජෙහාන් ගුණසේකර මහතා පෙනී සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 12:34

    Latest News