කසල කන්දක ගින්නක් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ

පෙබ 20, 2020

    සීදූව ප්‍රදේශයේ කසල කන්දක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ කොටසක් වසා දමා තිබේ. ඒ අනූව කටුනායක දෙසින් අධ්වේගී මාර්ගයට වාහන ඇතුල්වීම මේ වන විට නතර කර තිබේ.

    කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන වාහන ජා-ඇල මගී හුවමාරුවෙන් පිටතට යොමු කරවන බවයි එහි නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

    කසල කන්ද ගිනි ගැනීම නිසා කටුනායක අධිවේගී මාර්ගයේ 16 සහ 25.8 අතර කොටසයි මේ අනූව වසා දමා තිබෙන්නේ.

    Latest News