ඖෂධ මාෆියාව නිසා රෝහල්වල ඖෂධ හිඟයක් මතුවෙලා; වෛද්‍ය හරිත අලුත්ගේ (වීඩියෝ)

පෙබ 18, 2020
  • පැවති රජය සමයේ ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව හේතුවෙන්, මේ වනවිට රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    වත්මන් රජය ඊට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා...

    “අපි දකින ආකාරයට පවතින ඖෂධ අර්බුදය ඖෂධ මාෆියාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මහා පරිමාණ වංචාවන්. රුපියල් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් විගණකාධිපති වාර්තාව හරහා විතරක් හෙළිදරව් කරලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධියට රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයට එරෙහිව සෘජු ලෙස චෝදනා එල්ල කළා. නීත්‍යානුකූල හා විධිමත් සාක්‍ෂි සටහන් ලේඛණ උපයෝගි කරගෙන. එකම සමාගමකට තමයි ටෙන්ඩර් සියල්ල යන්නේ. ඒ තත්වයට මේ ඖෂධ මගඩිය ගියා. රාජිත සේනාරත්න මුල්වෙලා ගෙන්නපු පිලිකා ඖෂධ රුසියාවෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත් ලියාපදිංචි කරලා නෙමෙයි ගෙන්වන්නේ. මේ සියල්ලට රාජිත සේනාරත්නගේ ආශිර්වාදය ලැබුණේ කොහොමද කියලා අපි සාක්ෂි සහිතව පෙන්නලා තියෙනවා. නැවත සුදු පිරුවට ඇඳගෙන ඡන්දවලට ලැහැස්ති වෙන්න එපා. රටේ ජනතාවගේ සෞඛ්‍යයට කරලා තියෙන හානිය ජනාධිපති කොමිසන් සභා වාර්තාවකින් කියපුවහම එළියට එනවා. ඔහු සමඟ ඖෂධ ජාවාරමට සම්බන්ධ වෙච්ච පිරිස අදටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඉන්නවා“ යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:17

    Latest News