UNP “අලියා“ කිසිදු පාර්ශවයකට උකසට තබන්නේ නැහැ; වජිර අබේවර්ධන (වීඩියෝ)

පෙබ 17, 2020
  • එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණ කිසිදු පාර්ශවයකට උකසට නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

    සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    එහිදී අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා....

    “2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කළා. 2015 අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය ඔබ මැතිවරණ ප්‍රතිඵල අරගෙන සසඳා බැලුවොත් ඡන්ද ලක්‍ෂ 10ක් පමණ දින 100 ආණ්ඩුවටත් අඩුවුණා. ඒක සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායක්. විරුද්ධ පක්‍ෂය හැටියට අපි බලන්න ඕනේ අලුතින් ලබාගැනිමට වඩා තිබුණු ඡන්ද සංඛ්‍යාව ආරක්‍ෂා කරගැනීම සඳහා ක්‍රියාකරනවා නම් එතන ජයග්‍රහණයේ මාවත සනිටුහන් කිරිමට හැකියාවක් ඇති බව පැහැදිලිව මතක් කරන්න කැමතියි. එක්සත් ජාතික පක්‍ෂ යේ අලියා ඒක ගැන බහුතරය කියලා තියෙනවා අලියා ලකුණින් තරග කළ යුතුයි කියලා“ යැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 20:12

    Latest News