එ.ජා.ප. මුජිබර්ගේ එළවළු මිලට ‍වෙළෙඳුන්ගෙන් පිළිතුරු (වීඩියෝ)

පෙබ 17, 2020
  • එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එළවළු මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

    ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක්, අද පිටකොටුව මැනිං වෙළෙඳ පොළට පැමිණියා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලු නිලධාරීන් වෙළඳුන් හමුවී එළවළු මිල ගණන් පිළිබඳව විමසීමක් කළා. එහිදී වෙළෙඳුන් කියා සිටියේ එළවළු මිල පහත වැටී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු ලේකම්වරයා කියා සිටියේ එහි සියලු වෙළෙඳ ප්‍රජාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. 

    මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කළා.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 20:30

    Latest News