බදු මංකොල්ලයක් නෙවෙයි සමාජ වගකීමක් - මංගල

ඔක් 17, 2018

    බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීවරුන්ගේ සංගමයේ 51 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා අද (17) මේ බව කියා සිටියේ ය.

    නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාවට ලබා දෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    එසේ ම නව දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබා දීම සඳහා විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි ද මංගල සමරවීර මහතා පැවැසීය.

    MangalaS1 750px 18 10 17

     

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:56

    Latest News