එළඹෙන මහ මැතිවරණයේදී තම පක්‍ෂය තරග කළ යුත්තේ අලියා ලකුණින්; එ.ජා.ප. මහලේකම් (වීඩියෝ)

පෙබ 11, 2020
  • එළඹෙන මහ මැතිවරණය සඳහා තම පක්‍ෂය තරග කළ යුත්තේ අලියා ලකුණින් බව, එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඉතිහාසයේ සෑම මහ මැතිවරණයක් සඳහාම එක්සත් ජාතික පක්‍ෂය තරග කර ඇත්තේ, අලියා ලකුණෙන් පමණි. එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වූයේ පොදු ලකුණකින් මැතිවරණයට තරග කළ යුතු බවයි. එහෙත් අලියා ලකුණින් තරග වැදිය යුතු බව, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් තුනෙන් දෙකක පිරිසකගේ මතය වූහ. ලකුණ පිළිබඳ සාකච්ජාව උණුසුම්ව සිදු වෙද්දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිට ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:16

    Latest News