උපාධිධාරී පත්වීම, රැකියා විරහිතව වසරක් සිටි අයට පමණයි...

පෙබ 11, 2020

    රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීම සඳහා අයදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවට සහතික කළ යුතු බවට රජය දැනුම් දෙයි.

    ඒ සඳහා ඉල්ලුම්කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත්, ග්‍රාමනිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනුඅත්සන් කළ යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනූව මෙම රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමාවක් ඇති සියලු උපාධිධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

    ඔවුන් 2019 දෙසැම්බර් 31 වන විට උපාධිය සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒ අනූව, 2019 ජනවාරි පළමුවැනිදා සිට 2019.12.31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරීන්ට ද මේ සඳහා අයඳුම් කළ හැකියි.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 09:28

    Latest News