මැණික් පතල් කර්මාන්තකරුවන්ට සහන රැසක්

පෙබ 11, 2020

    මැණික් පතල් කර්මාන්තයේ නිරතවූවන්ට සහන රැසක් ලබා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.

    කර්මාන්තයේ නියුතුවූවන්ගේ සුබසාධන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි අධිකාරිය පවසන්නේ. 50,000කට වැඩි පිරිසක් මැණික් පතල් කර්මාන්තයේ නියැලි සිටියි. පතල් කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ද ක්‍රියාත්මකයි. ජීවිත හානියක් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ද ක්‍රියාත්මකයි. ජීවිත හානියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් ද ආබාධයකට ලක්වුවහොත්,රුපිය්ල ලක්ෂ 2ක් ද ලබා දෙයි. පතල්කරුවන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

    එම පහසුකම් තවත් වැඩිදියුණු කිරීම අරමුණ බව අධිකාරිය පවසයි. රත්නපුර හා කොළඹ නගරය ආශ්‍රිතව ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ මූලික කටයුතු ද ක්‍රියාත්මකයි. මැණික් හා සම්බන්ධ සියලු සේවා මෙම ආයතනවලින් සැපයීමට ක්‍රියා කරන බව, අධිකාරියේ සභාපති අමිත ගමගේ මහතා ප්‍රකාශ කළේ. මැණික් කර්මාන්තයේ නියුතුවූවන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දී පසුගියදා පැවැත්විණ. රත්නපුර ඇතුළු මැණික් කර්මාන්තයේ නියුතුවූවන්ගේ ජීවිත තත්වය නගා සිටුවීම අරමුණ බව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී වලේබොඩ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 10:45

    Latest News