අනතුරක් නිසා රාජගිරිය හිරවෙයි...4ක් රෝහලේ

පෙබ 11, 2020

    වැලිකඩ, පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදියේ, රාජගිරිය ගුවන් පාලම අසළ සිදුවූ අනතුරක් හේතුවෙන් ඒ අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

    අනතුර සිදුව ඇත්තේ අද(10) උදෑසන 6.00ට පමණ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතිළත් කර තිබේ.

    බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 07:42

    Latest News