සිව් දෙනෙක්ට මරු කැදවමින් මැණික්හින්නේ රිය අනතුරක්

පෙබ 08, 2020

    මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

    කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ තිබූ කොන්ක්‍රිට්ගල් ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් තරුණයින් සිව් දෙනා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.

    මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙක්. අනතුර සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 08:48

    Latest News