නීතිඥ වෘත්තියේ ගැටලු විසඳීමට සය පුද්ගල කමිටුවක්

ජන 26, 2020

    නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම සඳහා සය පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

    එහි සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, කේ. කනගීස්වරන්, ෆයිසර් මුස්තාපා, ඉක්‍රාම් මොහොමඩ්, රියෙන්සි අර්සකුලරත්න සහ ටිරන්ත වරලියද්ද යන මහත්වරුන්ය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතා සඳහන් කළේ, ඊයේ පැවති මහ සභා රැස්වීමේදී අදාළ කමිටුවට අනුමැතිය හිමි වූ බවයි.

    Latest News