පීඩාවට පත් ජනතාව සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට විශිෂ්ට ජනවරමක් ලබාදුන්නා; පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජන 26, 2020

    වසර ගණනක් පීඩාවට පත්ව සිටි ජනතාව සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට විශිෂ්ට ජනවරමක් ලබාදුන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූහ.

    උන් වහන්සේ කියා සිටියේ, එම වගකීම ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අද පැවති දානමය පුණ්‍යකර්මයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනතා නියෝජිතයන් රැසක් එක්වූහ.

    Pmm px 900 26 01 20

    ගැබිණි මව්වරුන්ට වියළි ආහාර බෙදාදීම ද ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන්දීම ඇතුලු පිංකම් මාලාවක් ඊයේ පැවැත්විණ.

    Last modified on ඉරිදා, 26 ජනවාරි 2020 18:21

    Latest News