ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය අලෙවි කළ 4ක් දැලේ

ජන 26, 2020

    හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක දී මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් සිව් දෙනෙකු අද (26) අලුයම අත්අඩංගුවට ගැණින.

    ඒ, පාදුක්ක සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින්. ඒ අතර, සාදය සංවිධාන කළ පුද්ගලයා ද වේ. සාදයට 600කට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ. ඒ අතර, වයස අවුරුදු 17ත්, 30ත් අතර තරුණ-තරුණියන් පිරිසක් සිටි බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි. සාදය අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දෙස්-විදෙස් මත්පැන් සහ මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය අධික මිලගණන්වලට අලෙවි කරමින් සිට තිබේ. සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News