විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න; අමාත්‍ය අමරවීර

ජන 25, 2020

    විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    බලාගාර ආශ්‍රත ජලාශවල ජල මට්ටම ශීඝ්‍ර යෙන් පහළ යාම ඊට හේතුවයි. අමාත්‍යවරයා කියා සිටියේ, කිසිසේත් විදුලිය කප්පාදු නොකරන බවයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා....

    “විදුලි බලයේ ප්‍රශ්නයක් තියෙනවා සීග්‍රයෙන් අපේ ජල මට්ටම් පහත බසිමින් යනවා. රටේ සමස්ත ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා විදුලිබල අමාත්‍යවරයා හැටියට අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා. ඉදිරියේදී අපි විදුලි හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ජෙනරේටර්වලින්, ඉන්දනවලින් දහනය කෙරෙන විදුලිය තමයි ලබාදෙන්නේ. අධික මිලක් වැයවෙන කටයුක්තක්. පසුගිය අවුරුදු පහ තුළ කිසිදු බලාගාරයක් පටන් ගත්තේ නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ඒ නිසා තමයි අධික මිලට ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ අවුරුද්ද ඇතුළත මේ බලාගාර කිහිපයක් පටන් ගන්නවා. තව අවුරුදු තුනකින් පස්සේ අනිවාර්යයෙන්ම විදුලිබල මණ්ඩලය ලාබ ලබන මට්ටමටත්, අපි ඒ වෙලාවේ විදුලි බිල අඩු කරන මට්ටමටත් ගේන්න පුලුවන් වෙනවා. මේ අපේ වෙන පාඩු ජනතාවගේ ඇගේ පටවන්න අපේ බලාපොරොත්තු නැහැ“ යැයි මහින්ද අමරවීර මහතා පැවසීය.

    Latest News