ඌරුමීතැන්න පුරාණ විහාරස්ථානයේ බුදුපිළිමයක් කඩා දමයි

ජන 24, 2020

    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බදුල්ල පස්සර ප්‍රදේශයේ ඌරුමීතැන්න විහාරස්ථානයේ සැතපෙන බුදුපිළිමයකට හානි සිදුකර ඇති බව වාර්තාවේ.

    නිධන් හොරුන් යැයි සැකකරන කිසිවෙකු විසින් ලෙනක් තුළ ඇති මෙම සැතපෙන බුදු පිළිම වහන්සේට හානි කර ඇති බව අනාවරණය වී තිබේ. පුරාවිද්‍යාත්මක පරික්ෂණයක් සඳහා ඊයේ (23) සවස බුදුගෙය විවෘත කළ අවස්ථාවේ මේ පිළිබඳ නිරීක්ෂණය වී ඇත.

    statue-02.jpg

    මෙම විහාරස්ථානයේ දැනට කිසිදු හිමි නමක් නොසිටින අතර දැනට විහාරස්ථානය බාරව කටයුතු කරන්නේ පූජ්‍ය කහටරුප්පේ විමලකිත්ති ස්වාමීන්වාහන්සේයි.

    statue-01.jpg

    මීට පෙර මෙම ස්ථානයේ නිධන් සොයා කැනීම් සිදුකළේ යැයි සැකපිට මෙම විහාරස්ථානයේ සිටි චීවරෙධාරියෙකු බදුල්ල කොට්ටාශ පුරාවිද්‍යා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ නියමකර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. ඔහුට භික්ෂු හැදුනම්පත්ක තිබී නැති අතර ඉන්පසු විහාරස්ථානය වසා දමා තිබියදී මෙම අපරාධය සිදුව තිබේ.

    මේ හානි කිරීම කිනම් දිනක සිදුවී ඇත්දැයි යන්න අනාවරණය වී නැති අතර ඒ පිළිබඳව බදුල්ල පුරාවිද්‍යා පොලිසිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News