මහ මැතිවරණයේදී නැ. දෙමළ දේශපාලන පක්‍ෂ එකම ලකුණකින් තරග කළ යුතුයි; ජෙ.නීතිඥ තට්ෂණාමූර්ති

ජන 23, 2020

    එළැඹෙන මහ මැතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්‍ෂ එකම ලකුණක් යටතේ තරග කළ යුතු බව, නැගෙනහිර දෙමළ ජනතා සංසදය පවසයි.

    එහි නායක ජ්‍යෙෂ්ඨ නීතිඥ තට්ෂණාමූර්ති ශිවනාදන් මහතා පෙන්වා දෙන්නේ, දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ අභිලාෂයන් උදෙසා ක්‍රියාකර නොමැති බව, මඩකලපුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ තට්ෂණාමූර්ති ශිවනාදන් මහතා.


    “නැගෙනහිර සෑම දෙමළ පක්‍ෂයක්ම එළඹෙන මහ මැතිවරණයේ දී එක් ලකුණක් යටතේ තරග කළ යුතුයි. අපේ ඉලක්කය, සෑම දෙමළ පක්‍ෂයක්ම නැගෙනහිර පළාත තුළ එකමුතු කිරීම. මොකද, දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කර නැහැ. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට ලැබුණු අවස්ථා දෙමළ ජනතාව වෙනුවෙන් පාවිච්චි කළෙත් නැහැ. ඔවුන් එම අවස්ථාව පාවිච්චි කළේ, ඔවුන් සඳහාමයි. දෙමළ ජාතික සංවිධානය, දෙමළ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කර නොමැති නිසා දෙමළ බොහෝ පක්‍ෂ දැන් අප සමඟ සන්ධාන ගතවීමට කැමැත්ත පළ කර තිබෙනවා“ යැයි ශිවනාදන් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 20:24

    Latest News