මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගැනීමේ සූදානමක්

ජන 23, 2020

    වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකනත සංවාදවල නිරතවීම ගිහාන් පිලපිටිය මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් පසුගියදා ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගැණින. ඒ වනවිට ඔහු කටයුතු කරමින් සිටියේ, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙසයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් තිදෙනා සම්බන්ධයෙන් ඇමතුම් තාක්‍ෂණික තොරතුරු වාර්තා දුරකතන සේවා සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා ලෙස ද නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ.

    Latest News