ජනාධිපතිතුමාගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට තම සංගමයේ ප්‍රසංශාව; එස්.අනිලන්

ජන 23, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට තම සංගමයේ ප්‍රසංශාව හිමිවන බව, මඩකලපුව දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.

    මඩකලපුව ප්‍රදේශයේ අද පැවති රැස්වීමකින් අනතුරුව , එම සංගමයේ නායක එස්. අනිලන් මහතා මේ බව කියා සිටියේය. මඩකලපුව දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ රැස්වීමක් මඩකලපුවේ අද පැවැත්විණ. TMVP පක්‍ෂයේ ලේකම් පී. ප්‍රශාන්තන් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

    එහිදි අදහස් දැක්වූ එස් අනිලන් මහතා....

    “ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන යන රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ අපි ප්‍රශංසාවට ලක්කරනවා. විශේෂයෙන් එතුමාගේ ලක්‍ෂයක් රැකියා දීමේ වැඩපිළිවෙළ ඉතාම හොඳ වැඩපිළිවෙළක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස හිටපු කාලයේ දී 56 දහසක් වන උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ සිද්ධිය මේ අවස්ථාවේ මා මතක් කරන්නට කැමතියි. මේ රජය ගැන අපට හොඳ විශ්වාසයක් තිබෙනවා.“ යැයි අනිලන් මහතා පැවසීය.

    Latest News