හමුව විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී ඊයේ පැවැත්විණ. මෙහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව හෙට ජනාධිපතිතුමා දැනුවත් කිරිමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද සාකච්ජාවට සහභාගි වූහ. සාකච්ජාවෙන් අනතුරුව ඔවුහු මාධ්‍යයට අදහස් පළ කළහ.
බන්දුල ගුණවර්ධන මහතා- “වර්තමානයේ පවතින දේශපාලන තත්වය හා රටේ ඇති විය හැකි තත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීම පමණයි කළේ.
ගාමිණි ලොකුගේ මහතා- මහින්ද මහත්තයා ඉන්නේ මැතිවරණයක් ඉල්ලන මතයේ. අධිකරණ තීන්දුවත් අනුව මැතිවරණයක් ආවහම කොහොමද අපි ඒකට සංවිධානය වෙන්නේ කියලා කතා කළා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණයක් හම්බ වෙයි කියලා.
වාසුදේව නානායක්කාර මහතා- කෙසේ නමුත්, වේවා අපි අන්තිමට පාර්ලිමේන්තුවට යන්න වෙනවනේ. ජනවාරියේ හරි. යනකොට අපිට 113 තියෙනවද ඒවා තමයි කතා කළේ. ඒ කිට්ටුවටම එනවා.“ යැයි ඔවුහු අදහස් පළ කරමින් පැවසීය.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...