බන්ධනාගාර බස් රථයක් අනතුරට

ජන 23, 2020

    අඹන්පොල, කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ අද (23) උදෑසන 11.30ට පමණ.

    ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බස් රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පසුපසට ධාවනය කළ ලොරි රථයක පිටුපස ගැටී අසළ පස් කණ්ඩියක ද ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

    අනතුරින් බන්ධනාගාර බස් රථයේ රියදුරු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු හා සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කෙරිණ.
    ලොරි රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (24) දින මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 14:27

    Latest News