බදියුදීන්ගේ සහෝදරයෙක් රිමාන්ඩ්

ජන 23, 2020

    ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනූව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොහු අත්අඩංගුවට ගැනුණේ කැපිටල් සිටි නමැති සමාගමකට මන්නාරම ප්‍රදේශයේ අක්කර 78ක ඉඩමක් ලක්ෂ 492කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් 2016 වසරේ ලද පැමිණිල්ලක් මතයි. සැකකරු අද අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 14:16

    Latest News