මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉහළ නැංවීමට කැනේඩියානු රජයේ සහය

ජන 23, 2020

    ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීමට කැනේඩියානු රජය සහය පළ කරයි.

    මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ ඊයේ පැවැත්වූ සාකච්ජාවේදී මේ බව පැවසීය. හමුව පැවැත්වුණේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී. මෙරට ධීවර කර්මාන්තය ඉහළ නැංවීම සඳහා කැනේඩියානු රජය මේ වනවිටත් කාක්‍ෂණික හා මූල්‍ය දායකත්වය ලබාදී තිබේ. ඒ වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කළේය. උතුරු පළාතේ කාන්තාවන්ගේ ස්වයං රැකියා කටයුතු සහ එම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යන්වලදී කැනේඩියානු රජය ලබාදුන් දායකත්වය විශේෂ පැසසුමට ලක් කෙරිණ. කැනේඩියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, මෙරට ධීවර ප්‍රජාව වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.

    Latest News