සමන්තුරේ කනත්තක සඟවා තිබූ ටී.56 ගිනි අවියක් එළියට

ජන 22, 2020

    අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේ කනත්තක සගවා තිබී ටී.56 වර්ගයේ ගිනි අවියක් අම්පාර විශේෂකාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගැනිණ.

    පසුගිය කාලය තුළ අන්තවාදීන් විසින් සිදු කළ විවිධ ක්‍රියා හේතුවෙන් එම ප්‍රදේශ නිරන්තර පරික්ෂාවට ලක් කිරීමත් සමග යම් පුද්ගලයෙකු මෙම ගිනි අවිය මෙහි සගවන්නට ඇති බව විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පවසයි.

    මාස 6කට පමණ පෙර සඟවා තැබු ගිනි අවිය මළ බැදී තිබෙන අතර එය නැවත භාවිතා කල හැකි තත්ත්වයේ පවතින බවද නිළධාරින් පවසයි.

    අත්අඩංගුවට ගනු ලැබු මෙම ගිනි අවිය සම්මන්තුරේ පොලිසියට භාර දෙනු ලැබිණ.

    තොරතුරුක් මත මෙම ගිනි අවිය සොයා ගැනු ලැබූ අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. මෙම ගිනි අවිය සමග මැගසින් දෙක තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 10:26

    Latest News