ළදරුවන්ට මව්කිරි ලබාදෙන රටවල් 120ක් අතරින් ශ්‍රී ලංකාවට පළමු තැන (වීඩියෝ)

ජන 20, 2020
  • ළදරුවන්ට මව්කිරි ලබාදෙන රටවල් 120ක් අතරින් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තෝරා ගැනිම සිදුකරනු ලැබීය.
    කිරි පිටි පරිභෝජනයෙන් සිදුවන සෞඛ්‍ය උවදුරු පිළිබඳව ජාතික රෝහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මේ බව අනාවරණය විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසුවේ වැඩිහිටියන් ද කිරි පිටි පරිභෝජනයෙන් වැළකීම සෞඛ්‍ය හිතකර බවයි.
    ආනයනික කිරි පිටි පරිභෝජනයෙන් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ටද බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පවතින බව වෛද්‍ය මතයයි. ඉන් ජනතාව මුදා ගැනීමේ පියවරක් ලෙස කිරි පිටි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සිටී.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 20:35

    Latest News