අධිකරණයේ ගෞරවය රැකගැනීම අධිකරණයේම කාර්ය භාරයක්; අගමැති (වීඩියෝ)

ජන 20, 2020
  • අධිකරණයේ ගෞරවය රැකගැනීම අධිකරණයේම කාර්ය භාරයක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවති හමුවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේය.

    ප්‍රශ්නය; බියක් පවතිනවා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ. හඬපටයක එක විනිශ්චයකාරවරයෙක් කියනවා කවුද විනිශ්චයකාරවරු කිව්වහම එයා ලිස්ට් එකක් දෙනවා. ඒක හරිම ඛේදනීය තත්වයක්.

    අගමැතිතුමා...

    “අග්‍රවිනිශ්චයකාරවරයා මේකට පියවර ගත යුතුයි. අපි දන්නේ නැහැ එතෙන්ටත් කතා කරලා තියෙනවද කියලා. මම හිතන්නේ නැහැ එහෙම කතා කරලා තියෙනවද කියලා. කතා කරත් ඒ අනුව ක්‍රියාත්මක වෙන එකක් නැහැ කියලා.

    ප්‍රශ්නය; රජය පාර්ශ්වයෙන් අගවිනිසුරුවරයාට යෝජනා කරනවා. මේ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් අගවිනිසුරුවරයාගේ ක්‍රියාත්මකවීමක් දකින්නේ නැහැ කිසිදු.

    අගමැතිතුමා....

    වීඩියෝ එකක් තියෙනවනේ එක විනිශ්චයකාරවරයෙක් සාකච්ජා කරනවා මෙයත් එක්ක. කඩුවෙල හිටපු එක්කෙනා. එයා තමයි රෑ 12.00-01.00 වෙනකම් අවදිවෙලා.

    රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා...

    අධිකරණය වෙනුවෙන් අපි මැදිහත් වුණොත් ව්‍යවස්ථාදායකයයි, අධිකරණයයි අතර ගැටුමකට එනවා. ඒ නිසා අධිකරණයේ වැටිලා තියෙන ගෞරවය නැවත ඇතිකරන්න අධිකරණයටම තමයි පුලුවන්.

    අගමැතිතුමා....

    එහෙම නැතිවුණොත් රටක් ගෙනියන්න බැරිවෙනවා. කාටවත් ආණ්ඩුවක් ගෙනියන්නත් බැහැ. ඒක නැවත ඇතිකිරීමේ වගකීමක් අපි ඔක්කොටම තියෙනවා.

    ප්‍රශ්නය; යහපාලන ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව බරපතල තත්වයක් මතුවෙලා තියෙනවා.

    අගමැතිතුමා....

    නඩුකාරයෙකුට කතා කරලා, අහවලා එල්ලුම්ගහට යවන්න කියලා කියන්නව නම් ඇත්ත වශයෙන්ම කියපු එක්කෙනත්, යවපු එක්කෙනත් දෙන්නම එල්ලුම්ගහට යවන්න වටිනවා.

    රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා...

    අපි හැම වෙලාවෙම කියන්නේ මේක රන්ජන්ට ලඝු කරන්න එපා. අනිවාර්යයෙන්ම අගමැතිවරයා විසින් මෙහෙයවන ලද හිටපු ජනාධිපතිතුමාගේ ඉඳලා සියලු දෙනා, මේකේ අනුර කුමාර දිසානායක මහත්තයත් ඉන්නවා.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.....

    කැබිනට් මණ්ඩලයට උඩින් විධායක සභාවක් තිබුණා. අගමැතිතුමත්, චන්ද්‍රිකා මහත්මියත්, අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, චම්පික රණවක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නත් නිල වශයෙන් රැස්වෙලා රාජපක්‍ෂවරුන්ට එළව, එළවා පහර දෙන්න සැලසුම් සකස් කිරීමේ කාර්ය භාරය ඉෂ්ඨ කළා.“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 20:30

    Latest News