72 වැනි ජාතික නිදහස් දින උත්සවය නිදහස් චතුරශ්‍රයේදී

ජන 17, 2020

    72 වැනි ජාතික නිදහස් දින උත්සවය මෙවර මහත් අභිමානයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කරයි.

    මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රභූන්ගේ පැමිණීම, ආචාර පෙළපාලිය, සංස්කෘතික සංදර්ශනයන් පවත්වන ආකාරය, මෙන්ම ඒදිනට ක්‍රියාත්මක කිරීමට යෝජිත රථවාහන සැලැස්ම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කරුණු සාකචාඡා වූ අතර වඩා ක්‍රමවත් හා අලංකාර නිදහස් දින උත්සවයක් පැවැත්වීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    Latest News