මහනුවර උමඟ ඉදිකිරීමට ප්‍රසම්පාදන කටයුතු අරඹයි

ජන 16, 2020

    මහනුවර නාගරික ප්‍රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    මෙම උමග ඉදිකිරිම සඳහා කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් සපයන අරමුදල් සහිතව මෙම උමං මාර්ගය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර ඇතැත් එම කටයුතු ප්‍රමාද වී තිබේ.

    මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 199.27ක මූල්‍ය පහසුකම් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් ලබාදීමට එකඟ වී තිබේ.

    එම උමං මාර්ගය ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 07:29

    Latest News