මව, පුතා සහ දියණිය වැවේ නෑමට ගොස් දියේ ගිලෙයි

ජන 14, 2020

    වනාතවිල්ලුව රාල්මඩුව ‍වැවේ දිය නෑමට ගිය එකම පවුලේ ‍තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව මිය ගොස් තිබේ.

    දියේ ගිලිම අද(14) සවස 4 ට පමණ සිදුව ඇත. එහිදී දියේ ගි‍ලී ජීවිතක්ෂයට පත්ව ඇතේතේ එකම පවුලේ මව, දියණිය හා පුතා යන තිදෙනෙකි. වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.  මෙම පිරිස මහනුවර, අලවතුගොඩ සයිස්ටස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. මොවුන් මාස කිහිපයකට පෙර රාල්මඩුවේ පිහිටි පෞද්ගලික ඉඩමක සේවයට පැමිණ තිබේ.

    මරණයට පත් කාන්තාව සහ දරුවන් තිදෙනෙකු රාල්මඩුව ජලාශයට දිය නෑමට පැමිණ ඇති බවත් කුඩා දියණිය නාවා වැව් කන්ඩිය උඩ තබා අනෙක් තිදෙනා දිය නාමින් සිටියදී වැඩිමල් දියණිය එකවර දියේ ගිලි ඇති බව පොලිසිය සඳහන් කළේය.

    ඇය බේරා ගැනීමට පුතා උත්සහ කර ඇති අතර ඔහු ද දියේ ගිලි ඇති අතර දරුවන් දෙදෙනා බේරා ගැනීමට මව යාමේදී මව ද දියේ ගිලී තිබේ. කුඩා දියණියගේ කෑගසමින් පසු ප්‍රදේශවාසීහු පැමිණ තිදෙනාව ගොඩ ගෙන ඇති බවත් ඒ වන විටත් තිදෙනාම මියගොස් සිටි බවත් වනාතවිල්ලුව පොලිසිය පවසයි.

     

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 12:09

    Latest News