පුරන් කුඹුරු අස්වැද්දීමට යුද හමුදාව සැරසේ

ජන 14, 2020

    පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යුද හමුදාව ඉදිරිපත්ව සිටී.

    ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මූලස්ථානයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ භූමි භාගයක් යළි අස්වැද්දීම අද ආරම්භ කෙරිණ. මෙය සිදු කෙරෙන්නේ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසකට අනුවයි. අතහැර දමා තිබූ අක්කර 12ක පමණ කුඹුරු යායක් අස්වැදීම ආරම්භ කෙරිණ. මාස එකහමාරකින් අස්වනු ලබාගත හැකි වැඩි දියුණු කරන ලද බිත්තර වී වර්ගයක් මෙහි වැපිරීමට නියමිතයි. වගාවට අවශ්‍ය ජලය සපයා ගැනෙන්නේ දියවන්නා ඔයෙන්. යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    යුද හමුදා “තුරු මිතුරු නව රටක්“ ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණ වැඩසටහන ද අද ක්‍රියාවට නංවනු ලැබුවා.

    Tree px 900 20 01 14

    යුද හමුදා මූලස්ථාන පිවිසුම් මාර්ගය දෙපස පැළ සිටුවීම සිදු කෙරුණේ, යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මී, කරඳ, කොබොනීල වැනි දේශීය ශාක වර්ග රැසක් ද රෝපණය කෙරේ. ජනාධිපතිතුමාගේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තියට සමගාමීව මේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.

    Latest News