මුහුදු හක් බෙල්ලන් සමඟ 03ක් මට්ටු: නාවික හමුදා වැටලීම් අඛණ්ඩව

ජන 14, 2020

    නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව ඊයේ (13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන තිබේ.

    එහිදී නිවාස දෙකක් තුළ අලෙවි කිරීම සඳහා සගවා තිබූ හක්බෙල්ලන් 440 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

    අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 21 ත් 35 අතර වියෙහි පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි. හක් බෙල්ලන් තොගය සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කිරින්ද, ධීවර පරීක්‍ෂක කාර්යාලය මගින් සිදුවේ.

    නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව ඊයේ (13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන තිබේ. එහිදී නිවාස දෙකක් තුළ අලෙවි කිරීම සඳහා සගවා තිබූ හක්බෙල්ලන් 440 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

    අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 21 ත් 35 අතර වියෙහි පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි. හක් බෙල්ලන් තොගය සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කිරින්ද, ධීවර පරීක්‍ෂක කාර්යාලය මගින් සිදුවේ.

    නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීමට නිරන්තරයෙන් වැටලීම් සිදුකරනු ලබයි.

    Latest News