කැලණිය අවට පැය 24ක ජල කප්පාදුවක්

ජන 13, 2020

    අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් කැලණිය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

    ඒ අනුව පෑලියගොඩ, වත්තල-මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 07:49

    Latest News