දියත උද්‍යානයේ නඩත්තු කටයුතු විධිමත් කෙරේ

ජන 10, 2020

    බත්තරමුල්ල දියත උද්‍යානයේ නඩත්තු කටයුතු, විධිමත් කර තිබේ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි. එම කටයුතු සිදු කරන්නේ, නාගරික සංවර්ධන අධිකාරියයි. ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස, රොන්මඩ ඉවත්කර වැඩි ජල ධාරිතාවක් දරාගත හැකි පරිදි, දියවන්නා ඔය සංවර්ධනය කෙරුණේ, 2010 වසරේදී. ඊට සමගාමීව දියවන්නා ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශය නාගරික තෙත් බිම් උද්‍යානයක් ලෙස නිර්මාණය විය.

    පසුගිය කාලයේ දියත උයන නිසිලෙස නඩත්තු නොවූ අතර, එහි දුම්රිය මැදිරි ආපන ශාලාවට ද වැඩි අවධානයක් යොමු කෙරුණේ නැහැ. එම ස්ථානය දේශීය, විදේශීය සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයට ලක්ව ඇත්තේ, පරිසර සුන්දරත්වය සහ චමත්කාර දර්ශන නරඹමින්, විනෝදවීමට හා ආහාර ගැනීමට ඇති හැකියාව නිසයි. ස්වයං රැකියා නියුක්තිකයන්ගේ නිෂ්පාදන, අලෙවි කිරීම සඳහා පහසුකම් සලසා තිබීම ද විශේෂත්වයක්.

    මහින්ද චින්තක සංකල්පය යටතේ, ගංවතුර පාලනය කිරීමේ අරමුණෙන්, එවකට හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම යටතේයි, දියත උද්‍යානය නිර්මාණය කෙරුණේ. නිදහසේ සිටිය හැකි පරිදි නැවත උද්‍යානයේ නඩත්තු කටයතු සිදුකිරීම සහ ඊට අලුතින් අංග එක්කිරීම සම්බන්ධයෙන්, ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා.

    Latest News