දුරුතු පුර පසලොස්වක පෝය දිනය අදයි

ජන 10, 2020

    ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වන්නේ, එය නව වසරක ප්‍රථම පොහොය දිනය වන නිසාවෙනි. ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

    බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.


    බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය සිදුවූයේ අදවන් දිනයකි. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි අතර, බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කළහ.
    මහියංගන චෛත්‍යය ඉදිකිරීම සිදුවූයේ ද අදවන් දිනකයි. සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ ඒ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට මහා සෑයක් කරවීය. එය බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද ඉතිහාස කතා පොත් වල කියවෙයි.


    ප්‍රථම ආරාම පුජාව සිදුවූයේ ද අදවන් දිනයකයි. බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදාඅ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළ බව ද පොත පතෙහි සඳහන්.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 08:49

    Latest News