විෂබීජානුහරණය,මුඛ ආවරණ පැළඳීම,විටින් විට අත්සේදීම හා සමාජ දුරස්ථතාව තබා ගැනීම ඊට අයත්. රාජ්‍ය,පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවක සංඛ්‍යාවෙන් සේවයට කැඳවන්නේ කුමන සේවකයන් ද යන්න, එක් එක් ආයතනය සලසන සේවාව හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරෙයි.
රජය, උපදෙස් දී ඇත්තේ, ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු සෞඛ්‍ය නියමයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, දෛනික කාර්යයන්හි නිරත වන ලෙසයි. මේ අතර, සමාජ දුරස්ථභාවයට අදාළ නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.