රජයේ ඉදිකිරීම් හා සංවර්ධන නතර කර නැහැ - රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා

ජන 06, 2020

    රාජ්‍ය අංශයේ ඉදිකිරීම් හා සහ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අත්හිටුවා නැති බවත්, රජය ඒ සඳහා කිසිදු නියෝගයක් ලබා දී නැති බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    මේ වසරේ රජයට ඩොලර් බිලියන 4.8ක් ණය වශයෙන් ගෙවීමට සිදු වී ඇති හෙයින් රජය විසින් සියලු ම සංවර්ධන ව්‍යාපාති අත්හිටුවා ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වී තිබු පුවතක් ගැන සඳහන් කරමින් ඇමැතිවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ලේ දී අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

    ණය ගෙවීමට තිබෙන බව කියමින් ආණ්ඩුව කිසිසේත්ම සංවර්ධන කටයුතු නතර නොකරන බවත් කී ඇමැතිවරයා........

    "ණය ගෙවීමට තිබෙන නිසා මේ සංවර්ධන වැඩ නතර කරනවා යැයි අපි කවදාකවත් කියන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව කළේ ණය ගැනීමයි. ණය ගත්ත නිසා අපට සංවර්ධන වැඩ කරන්න බැහැ කියා ඔවුන් කියා සිටියත්, ඒ ණය අභිබවා ගිහින් ජාතික ආදායම වැඩි කිරීමට කටයුතු කරමින් සංවර්ධනය දිගට ම කර ගෙන යෑම අපේ අරමුණයි.

    මේ අවුරුද්ද ඩොලර් බිලියන 4.8 ක් ගෙවන්න තිබෙනවා. එපමණක් නොවෙයි, රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන12863ක් ක් තිබෙනවා. ඉන් බිලියන 6523 ක් දේශිය ණය. අනික් බිලියන 6399ක් විදේශිය මූලාශ්‍ර වලින් ලබා ගත් ණය. සංචාරක ව්‍යාපාර හා අපනයනය වර්ධනය කරමින් හා ඝෘජු විදේශ ආයෝජන මඟින් නව ආදායම් මාර්ග සෙවීමට රජය කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා තවදුරටත් කීය.

    මේ රට විධිමත් අයුරින් සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට ඉක්මනින් රැකියා දීමේ වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බවත්, ඒ බව දන්නා ජනතා විමුක්ති පෙරමුණ උපාධිධාරින්ට රැකියා ඉල්ලා විරෝධතා ව්‍යපාර අරඹමින් දේශපාලන වාසි ගැනිමට යන බවට තොරතුරු ලැබී ඇති බව ද ඇමතිවරයා කිය.

    Latest News