ලක්‍ෂමන් යාපා රන්ජන් ගැන කණගාටුවෙන්

නොවැ 25, 2018

    තම පක්‍ෂය ලබන 07 වැනිදා ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු, කරන බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පළ කළ අදහස් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    ලක්‍ෂමන් යාපා අබේවර්ධන - “අධිකරණයට ගරු කරන කණ්ඩායමක් හැටියට, පක්‍ෂයක් හැටියට මෙන්ම සන්ධානයක් හැටියට කණගාටු වෙනවා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා අධිකරණයේ සංයුතිය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ගැන. ඒක අධිකරණයට කරන අපහාසයක්. ඒකෙන් උත්සාහ කර තියෙන්නේ අධිකරණය පක්ෂපාති බවක් පෙන්නුම් කිරිමයි. අපි හිතනවා අධිකරණය ස්වාධීන වෙයි කියලා.

    ජනතාව හිත දේ ඉෂ්ඨ වේවි කියලා. අද වෙනකොට ජනතාව බලා ඉන්නවා ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ලැබේවි කියලා දැනට තියෙන හොඳම දේ තමයි මහ මැතිවරණයකට යන එක“

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න....Ru News Alert Super 00238

    Latest News